ගුවන් හමුදාධිපතිතුමන් අගමැතිතුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා 2019 ජූනි 11 වන දින අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

මෙම හමුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වැනි ගුවන් හමුදාධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමෙන් පසු ගුවන් හමුදාධිපතිවරයා සහ අගමැතිතුමන් අතර සිදුවූ පළමු නිළ හමුව විය. මෙහිදී මෙම අවස්ථාව සනිටුහන් කරමින් අගමැතිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.

මෙහිදී අගමැතිතුමන් විසින් ගුවන් හමුදාධිපතිතුමන්ට සිය නව තනතුර වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි