දකුනු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා තුන්වන බල ඇණිය යළි දිවයිනට
දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් බළඝනයේ තුන්වන බල ඇණියේ භට කණ්ඩායම පසුගියදා යළි දිවයිනට ලඟා විය.
මෙම බලඇණියේ පළමු කණ්ඩායම ලෙස සාමාජිකයින් 86 නෙකු 2019 ජූල මස 03 වන දින දිවයිනට පැමිණියහ. විංග් කමාන්ඩර් යූඩීඑල්පී ගුණසිංහ මෙම බලඇණියේ මූලිකත්වය හොබවන ලදී.
මෙම බලඇණියේ දෙවන කණ්ඩායම වශයෙන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තව කිහිප දිනකින් දිවයිනට පැමිණිමට නියමිත වේ.
කටුනායක ගුවන් හමුදා කඳවුරේ එයාර් කොමඩෝර් ආයුබ් ජාබීර් ඇතුළු නිළධාරීන් සහ දිවයිනට පැමිණි ගුවන් හමුදා සාමාජිකයන්ගේ ඥාතීන් රැසක්ද ඔවුන් පිළිගැනීමට ගුවන් තොටුප පර්යන්තයට පැමින සිටියහ.