දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බලඇණියේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බලඇණියේ හිටපු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩීඑස් සමරවීර විසින් ගුවන් හමුදා බලඇණියේ අණදෙන නිළධාරී ධූරයෙහි වැඩකටයුතු නව අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කේඑම්එස්බීපී කුලතුංග හට භාරදීමේ පෙළපාලිය 2019 ජූලි මස 10 වන දින බලඝණ මූලස්ථානයේදි පවත්වන ලදී. මෙහිදී ධුරයෙහි රාජකාරීන් නිළවශයෙන් භාරදීම සංකේතවත් කරමින් යෂ්ඨිය භාරදීම සිදු කරන ලදී.
පෙළපාළියෙන් පසුව බලඇණියේ නව අණදෙන නිළධාරී බලඝණයේ බෞද්ධ සිද්ධස්ථානයේ පැවති ආගමික කටයුතුවලට සහභාගී විය.පසුව අණදෙන නිලධාරින් දෙදෙනා සමග සියලු නිලධාරීන් සහ අනෙකුත් නිලයන් ගුවන් භට භෝජනාගාරයේ පැවති උදෑසන ආහාරය සඳහා සහභාගී විය.