විධායක සුභසාධක වෙළැදසැල සිය ප්‍රථම සංවත්සරය සමරයි
විධායක සුභසාධක වෙළදසැල අද දින තම ප්‍රථම සංවත්සරය කොළඹ කදවුර ගුවන්පුරදී සමරන ලදී.ආගමික වතාවන්ට මුල්තැන දෙමින් සැමට සෙත් පතා පිරිත් සජ්ජායනයක් ද ප්‍රධාන සංවිධායක විංග් කමාන්ඩර් පී.කේ.ඩී.එන්.එස්. පිටිගල ඇතුළු සියලුම සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.

වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලකගේ සංකල්පයකට අනුව ආරම්භ කල මෙය ප්‍රධාන මධ්‍යස්ථාන 03 හරහා සිවිල් හා සේවා පුද්ගලයින්ගේ සුභසාදන පහසුකම් ඉහල නැංවීමට කටයුතු කරනු ලබන අතර,දිවයිනේ සැම ප්‍රදේශයකින්ම අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගනිමින් සියළුම ගුවන් හමුදා කදවුරු වෙත ඉතා ඉක්මනින් සහනදායි මිලකට බෙදාහරීමද මෙමගින් සිදුකරයි.






airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි