විධායක තත්ව නීර්ණ නිරීක්ෂණ අංශය ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ වෘත්තීය සංවර්ධන වැඩසටහනක් පවත්වයි
ගුණාත්මක පරිසරය තුලින් රාජකාරි කාර්යක්ෂමතාවය වැඩි කරගැනීම යන තේමාව යටතේ විධායක තත්ව නීර්ණ නිරීක්ෂණ අංශය මෙහෙයවනු ලැබූ වැඩසටහනක් 2019 ජූලි මස 15 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී. ශ‍්‍රී ලංකා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලෙය ජ්‍යෙෂ් ඵලදායිතා නිලධාරිනි ෆාතිමා මාකර් මහත්මිය මෙම අවශ්ථාවට සම්පත් දායිකාව ලෙස සහභාගි විය.

සියලුම කදවුරු නියෝජනය කරමින් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.මෙම වැඩසටහන ඉහළ තොරතුරු දැනුමක් ඇති අතර ගුණාත්මක ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ ඵලදායිතාව වැඩි දියුණු කිරීම සඳහා වැඩ කරන පරිසරයක අනුගමනය කළ යුතු හොඳම භාවිතයන් පිළිබඳව සහභාගිවන්නන්ට පුළුල් දැනුමක් ලබා දුන්නේය. විධායක තත්ව නීර්ණ නිරීක්ෂණ නිළධාරි එයාර් කොමර්ඩෝ කිත්සිරි ලීලාරත්න මහතා සහ සහ විධායක තත්ව නීර්ණ නිරීක්ෂණ පුහුණු කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි