ගුවන් හමුදා ශ‍්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය භාර දෙන ලදි
පූවරසන්කුලම්හි අලුතින් ඉදිකරන ලද  වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වව්නියාව වෘත්තීය පුහුණු අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වී කණගසුන්දරම් මහතා වෙත 2019 ජූලි මස 15 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසලේ අණදෙන නිළධාරි එයාර් කොමර්ඩෝ කේකේඒකේ කලුආරච්චි මහතා විසින් භාර දෙන ලදී.

ගුවන් හමුදා ශ‍්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද මෙම ව්‍යාපෘතියට අරමුදල් සැපයීම ප‍්‍රතිසන්ධාන යාන්ත‍්‍රණය පිළිබද සම්බන්ධිකරණ ලේකම් කාර්යාලය විසිනි.2018 ඔක්තෝම්බර් මස 27 වන දින ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක තුමන්ගේ මග පෙන්වීම යටතේ 2019 ජනවාරි මස 16 වන දින නිම කරන ලදී.

මෙම අවශ්ථාවට  ප්‍රාදේශීය කටයුතු සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ සංජීව විමලගුණරත්න මහතා වවුනියාව අතිරේක දිස්ත‍්‍රික් ලේකම් තුමන් සහ වන්නි රෙජිමේන්තු පුහුණු පාසලේ නිළධාරින් සහ සෙසු නිලයන් සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි