2019 හමුදා සංවාදයේ තුන්වන සැසිය රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේදීී
2019 හමුදා සංවාදයේ තුන්වන සැසිය රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාර ශ‍්‍රවණාගාරයේදී යුධ නාවික ගුවන් හමුදා සහ ශ‍්‍රී ලංකා පොලිස් නිළධාරීන් හා සිවිල් ආරක්ෂක භටයින්ගේගේ සහභාගීත්වයෙන් 2019 ජූලි මස 22 සහ 23 යන දෙදින තුළ පවත්වන ලදී.

හමුදා සහ පොලිස් නිළධාරීන් සංක‍්‍රමණීය යුක්තිය සහ ප‍්‍රතිසංධාන ක‍්‍රියාදාමයන්හි පුහුණු කිරීම සඳහා මෙම වැඩසටහන සැලසුම් කොට ඇත. මෙම වැඩසටහන ශ‍්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම මත ප‍්‍රතිසංධාන කාර්යය සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය මගින් සම්බන්ධිකරණය කරනු ලබයි. දේශන සහ ඉදිරිපත් කිරීම් හොඳින් පුහුණුව ලත් ත‍්‍රිවිධ හමුදා සහ පොලිස් නිළධාරීන් විසින් සිදු කරනු ලබයි.සැසිවාරයෙන් පසුව සවස කොක්ටේල් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි