
ශ‍්‍රී ලංකාවේ ජපාන ආරක්‍ෂක නියෝජිතතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිත පළමු ලුතිනන් ගාකු ෆුකාරා මහතා 2019 ජූලි මස 31 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.
දෙපාර්ෂවය අතර සුහද සංවාදයකින් අනතුරුව මෙම හමුව සංකේතවත් කරමින් සමරුඵලක හුවමාරුවක්ද සිදුකරන ලදී.


