විශේෂ මෙහෙයුම් රාශී මූලය වන්නි කදවුර හා දියතලාව කදවුර, අන්තර් ඒකක අත්පන්දු ශූරතාව දිනයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කළ අන්තර් ඒකක අත්පන්දු තරගාවලිය නොවැම්බර් මස 08 සිට 19 දිනයන් හිදී පැවැත්වින. විශේෂ මෙහෙයුම් රාශී මූලය වන්නි කදවුර හා චීනවරාය කදවුර කණ්ඩායම් දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් පිරිමි අවසන් තරගය සදහා සුදුසුකම් ලැබූ අතර කාන්තා අංශය සදහා දියතලාව කදවුර හා කටුනායක රෙජිමේන්තු කණ්ඩායම් සුදුසුකම් ලැබීය.

නොවැම්බර් 19 දින කටුනායක ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අවසන් තරග පැවති අතර පිරිමි අංශයේ අවසන් තරග වටයේ ජයග්‍රහනය ගුවන් හමුදා විශේෂ මෙහෙයුම් රාශි මූලය වන්නි ක්‍රීඩකයින් දිනා ගැනීමට සමත් වූයේ චීන වරාය ක්‍රීඩකයින්  ලකුණු මට්ටම 25/21 – 25/18  16/25 – 23/25 – 10/15 ලෙස තිබියදීය.

කන්තා අංශයේ අවසන් වටයට තේරී පත්වුනු දියතලාව කදවුරු ක්‍රීඩිකාවන්  25/11 – 24/26 – 25/22 – 25/11 ලෙස කටුනායක රෙජිමේන්තු ක්‍රීඩිකාවන් අභිබවමින් තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිනි ගුවන් හමුදා සුභසාදක අධ්‍යක්ෂ්‍යක එයාර් වයිස් මාර්ෂල් අනුර සිල්වා අතින් පිළිවෙලින් නා.ගු.භ අජිත් කුමාර(චීනවරාය ) සහ ගුවන් කාන්තා ලක්මාලී (දියතලාව ) දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

තරග ප්‍රතිඵල මෙසේය

පිරිමි (අවසන් තරගය )
ශ්‍රීලංගුහ චීනවරාය - විශේෂ මෙහෙයුම් රාශී මූලය වන්නි
25/21 – 25/18  16/25 – 23/25 – 10/15

ශූරතාවය  - විශේෂ මෙහෙයුම් රාශී මූලය වන්නි
අනු ශූරතාවය - ශ්‍රීලංගුහ චීනවරාය

දක්ෂතම ක්‍රීඩකයා - නා.ගු.භ අජිත් කුමාර (චීන වරාය )
දක්ෂතම ප්‍රහාරක - නා.ගු.භ කුමාර (වන්නි )
දක්ෂතම  වලක්වන්නා - නා.ගු.භ හේරත් (වන්නි )

කාන්තා (අවසන් තරගය )
ශ්‍රීලංගුහ දියතලාව කදවුර - කටුනායක රෙජිමේන්තු කණ්ඩායම
25/11 – 24/26 – 25/22 – 25/11

ශූරතාවය  - ශ්‍රීලංගුහ දියතලාව කදවුර
අනු ශූරතාවය - කටුනායක රෙජිමේන්තුව කණ්ඩායම

දක්ෂතම ක්‍රීඩිකාව - ගුවන් කාන්තා ලක්මලී ( දියතලාව )
දක්ෂතම ප්‍රහාරක - සැරයන් රේනුකා (කටුනායක රෙජිමේන්තුවා
දක්ෂතම  වලක්වන්නා - ගුවන් කාන්තා නිසංසලා (දියතලාව )


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි