ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලතිව් කදවුර සිය 08 වන සංවත්සරය සමරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලතිව් කදවුර සිය 08 වැනි සංවත්සරය 2019 අගෝස්තු 03 වන දින පවත්වන ලදී. සංවත්සර සැමරුමට සමගාමීව වැඩබලන අණදෙන නිලධාරි වින්ග් කමාන්ඩර් ජනක කොටින්කඩුවගේ මඟ පෙන්වීම යටතේ අගෝස්තු 02 වන දින මුලතිවුහි ලඩානි ළමා නිවාසයේදී ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලද අතර ඉන් අනතුරුව ළමුන් සඳහා දිවා ආහාරය සහ ත්‍යාග ප‍්‍රධානයක් සිදුකරන ලදී.

සංවත්සරික දිනය ආරම්භ කරමින් එදින උදෑසන කදවුරු වැඩබලන අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් ජනක කොටින්කඩුවගේ විසින් මාසික වැඩ පෙළපාලිය පරීක්‍ෂා කල අතර අනතුරුව සියලුම සිවිල් සහ සේවා පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් සුහද එල්ලේ තරඟාවළියක් සංවිධානය කරන ලදි. සංවත්සර දින සැමරුම අවසන් කරමින්  දිවා භෝජන සංග‍්‍රහය සදහා කදවුරේ නිළධාරීන් සෙසු නිළයන් ඇතුළු  සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී විය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි