ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මුල්ලේරියාව රෝහලේ අංක 03 වාව්ටුවේ සංචාරයක
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මිය සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජික සාමාජිකාවන්  මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 03 හි 2019 අගෝස්තු මස 06 වන දින උදෑසන සංචාරයක නිරත විය.

එහිදී ගුවන් හමුදා කැලිප්සෝ සංගීත කණ්ඩායම ප‍්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් සංගීතය සැපයූ අතර ඔවුන් වෙනුවෙන් ආහාර පාන ලබාදීමක්ද සිදු කරන ලදී. එසේම මෙහිදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය ඇතුළු සාමාජික සාමාජිකාවන් රෝගීන් සමග සතුට බෙදා ගත් අතර ඔවුන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමීමක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි