ගුවන් ඉංජිනේරු සහයක පක්ෂාංගය සිය 10 වැනි සංවත්සරය සමරයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන මුලික කදවුරේ ස්ථාපිත කර ඇති ගුවන් ඉංජිනේරු සහයක පක්ෂාංගය සිය 10 වැනි සංවත්සරය ගෲප් කැප්ටන් එස් විතාරණ නිලධරිතුමන්ගේ මගපෙන්විමෙන් 2019 අගෝස්තු මස 15 වන දින සමරනු ලැබිය.

සංවත්සරික දිනය ආරම්භ කරමින් එදින උදෑසන පක්ෂාංග අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස් විතාරණ විසින් මාසික වැඩ පෙළපාලිය පරීක්‍ෂා කල අතර අනතුරුව සේවා පුද්ගලයන්  අතර එකමුතුකම වර්ධනය කිරීම සදහා  සුහද  ක‍්‍රීකටි තරඟයක් සංවිධානය කරන ලද අතර අණදෙන නිළධාරීතුමන් නිලධාරින් සහ සෙසු නිලයන්ගේ සහභාගීත්වයෙන් එය පැවැත්විණ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි