
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය අපොස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා අභිප්‍රේරණ වැඩසටහනක් සංවිධානය කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාෙව් සේවා වනිතා ඒකකය එහි සභාපතිතුමියගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකළ කදවුරේ අණදෙන නිළධාරිතුමන් සමග එක් වී 2019/2020 වර්ෂයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාගයට පෙළඹවීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. සනත් ගමගේ මහතා විසින් ඊයේ 2019 අගෝස්තු 16 වන දින ඒකළ කදවුරේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී මෙම වැඩසටහන පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මිය සහභාගී විය.මෙම අවස්ථාවට නිලධාරීන් සේවා පුද්ගලයින්ගේ කලාත්‍රයන් හා දරුවන් සහභාගී වූහ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මිය සහභාගී විය.මෙම අවස්ථාවට නිලධාරීන් සේවා පුද්ගලයින්ගේ කලාත්‍රයන් හා දරුවන් සහභාගී වූහ.


























