පියාසර ඉංජිනේරු ලාංඡනය, ගුවන් ප‍්‍රහාරක පාලක ලාංඡන පැළඳවීම සහ ගුවන් හමුදාධිපති ඇගයීම් සහතික ලබාදීම
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් සුදුසුකම් ලාංඡුන පැළඳවීම සහ ගුවන් හමුදාධිපති ඇගයීම් සහතික ප‍්‍රදානය කිරීම 2019 අගෝස්තු මස 26 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අංක 09 බලඝණයේ එම්අයි 17 හෙලිකෝප්ටර් යානාවේ පියාසර පුහුණු පැය 50 ක් සම්පූර්ණ කළ කෝප‍්‍රල් පේ‍්‍රමසිංහ කේඅයිඊ හට පියාසර ඉංජිනේරු ලාංඡුනය පළඳවන ලදී.

බංගලාදේශයේ පුහුණව සම්පූර්ණ කල ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් කේඑස්එන් රණසිංහ හට ගුවන් ප‍්‍රහාරක පාලක ලාංඡුන පැළඳවන ලදී.

කටුනායක ගුවන් හමුදා කඳවුරේ බලපන්ති සැරයන් බණ්ඩාර බීඑම්ඒ, වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ සැරයන් ලක්මාල් යූකේඑල්අයිඅයි සහ කෝප‍්‍රල් කුමාරසිංහ එස්ජීඑල්ජේ හට ඔවුන් දක්වන ලද සිවිශිෂ්ට දායකත්වය වෙනුවෙන් ගුවන් හමුදාධිපති ඇගයීමේ සහතික ප‍්‍රදානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි