
ඊශ‍්‍රායල ආරක්‍ෂක නියෝජිතතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ඉන්දියාවේ ඊශ‍්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිත කර්නල් අසාෆ් මහලේර් මහතා 2019 අගෝස්තු මස 28 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.
දෙපාර්ශවයටම වැදගත් වූ කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවකින් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ ආරක්‍ෂක නියෝජිතතුමන් අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.