රත්මලාන ගුවන් හමුදා පෙර පාසල් විවිධ ප්‍රසංගය උත්සවාකාරයෙන් නිමාවට පත්වේ
ගුවන් හමුදා රත්මලාන කදවුරේ සේවය කරන ගුවන් හමුදා සිවිල් හා සේවා පුද්ගලයන්ගේ දරුවන් වෙනුවෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය පසුගියදා සේවා වනිතා එකකයේ ගරු සභාපතිනි නෙළුන් ගුණතිලක මැතිනියහේ සහභාගිත්වයෙන් දෙහිවල එස් ඩී එස් ජයසිංහ රංග ශලාවේදී උත්සවාකාරයෙන් නිමාවට පත් විය.
කුඩා කල පටන්ම දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් මෙම පෙර පාසල් දරුවන් වෙනුවෙන් ලබාදෙන අතර, පුරා වසරක් මුළුල්ලේ උගත් දේ ක්‍රියාවට නංවමින් අවසන් අධ්‍යාපනික ප්‍රසංගය, 63 දෙනෙකුගෙන් සමන්විත පෙර පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් නැටුම්, ගැයුම්, වැයුම්, සරබ සහ නාට්‍ය ආදී විවිධ අංගයන් ඉදිරිපත් කරමින් පැමින සිටි පිරිස් අමානන්දයට පත්කිරීමට සමත් විය.
තවද, ගුවන් හමුදා රත්මලාන කදවුරු අණදෙන නිලධාරී ගුවන් කොමදෝරු ඩී එල් එස් ඩයස් සහ එම මැතිනිය,මේකලා ද සිල්වා මහත්මිය, ක්‍රිස්ටීන් රණසිංහ යන මහත්ම මහත්මීන් හා දෙමාපියන් ද මේ අවස්ථාවට එක්විය.