බංගලාදේශ ගුවන් හමුදාව සමග පැවති වෝටර් පෝලෝ තරඟාවළියේ ජය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට
7:50am on Tuesday 3rd September 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ බංගලාදේශ ගුවන් හමුදාව අතර ක‍්‍රීඩා දැනුම් හවමාරු කර ගැනීමේ ව්‍යාපෘතිය යටතේ පවත්වන ලද වෝටර් පෝලෝ තරඟාවළියේ ශුරතාවය හිමි කර ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෝටර් පෝලෝ කණ්ඩායම සමත්විය.
සාමාජිකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෝටර් පෝලෝ කණ්ඩායම 2019 අගෝස්තු මස 23 වන දින මෙම තරඟාවළීයට සහභාගීවීම සඳහා දිවයිනෙන් පටත්ව යන ලදී.

තරඟාවළිය 2019 අගෝස්තු මස 29 වන දින බංගලාදේශයේ ඩකා නුවර මිර්පූර්හි ජාතික පිහිනුම් සංකීර්ණයේදී පැවැති අතර බංගලාදේශ ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව දඩුවම් පහර 3-2 ක් වශයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ජයග‍්‍රහණය කරන ලද අතර එහිදී නායක ගුවන් භට සංජය පේ‍්‍රමරත්න  තරඟාවළියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස සම්මානයට පාත‍්‍ර විය.

ජයග‍්‍රාහී තරඟ සංචාරයකින් අනතුරුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෝටර් පෝලෝ කණ්ඩායම 2019 අගෝස්තු මස 31 වන දින නැවත දිවයිනට පැමිණෙන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි