මීීලඟ පරම්පරාවට ගුවන් හමුදාව රැගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව රියර් අද්මිරාල් සයිමන් හෙන්ලි විසින් දේශනයක් පවත්වයි.
රාජකීය ගුව්න යානා සංගමයේ හිටපු සභාපති, සංගමයේ සාමාජික, ව්‍යපෘති කළමණාකරණ සංවිධානයේ ගෞරවනීය සාමාජික, මොරිෂස් ගුවන් යානා සංගමයේ සාමාජික සහ රාජකීය නාවික හමුදාවේ විශ‍්‍රාමික රියර් අද්මිරාල් සයිමන් හෙන්ලි මහතා විසින් ”මීලඟ පරම්පරාවට ගුවන් හමුදාව රැුගෙන යන්නේ කෙසේද?” යන මැයෙන් හරවත් දේශනයක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රීවනාගාරයේදී 2019 සැප්තැම්බර් මස 09 වන දින පවත්වන ලදී.
මෙම දේශනය පැවැත්වීමට පෙරාතුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහ රියර් අද්මිරාල් හෙන්ලි මහතා අතර හමුවක්ද පැවැත්විණි.
රියර් අද්මිරාල් හෙන්රි මහතා ගුවන් යානා ඉංජිනේරු නිළධාරියෙකු ලෙස වසර 32 ක් ගුවන් හමුදා සේවයට දායක වී තිබේ. එක්සත් ජනපද / එක්සත් රාජධානි ඒකාබද්ධ යුධ ප‍්‍රහාරක කාර්යාලයේ එක්සත් රාජධානි ප‍්‍රධානියා ලෙස කටයුතු කරන ලදී. පසුව, එක්සත් රාජධානි ඒකාබද්ධ සටන් ගුවන් යානා ව්‍යාපෘති කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙසද වසර හතරක කාලයක් කටයුතු කළේය. රාජකීය නාවික හමුදාවෙන් විශ‍්‍රාම යාමට පෙර එතුමන් තාක්‍ෂණික අධ්‍යක්‍ෂක සහ ආරක්‍ෂක උපකරණ සහ සහායක සංවිධානයේ වැඩසටහන් කළමණාකරණ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන ලදී. ඔහු ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව වැඩසටහන් කළමනාකරුවන් සඳහා වෘත්තීමය ව්‍යාහුය පවත්වා ගැනීම පිණිස අඩිතාලම සකස් කළේය.
විශ්‍රාම ගැනීමෙන් පසු රියර් අද්මිරාල් හෙන්ලි ආරක්ෂක අභ්‍යවකාශයේ නව වැඩසටහන් සඳහා වැඩසටහන් අධ්‍යක්ෂක ලෙස රෝල්ස් රොයිස් සමඟ එක් විය. ඔහු එෆ්35 ලයිට්නින් 2 වැඩසටහනෙහි එසවීම් පද්ධතියේ නිශ්පාදනය සහ සංවර්ධනය කිරීම සම්බන්ධව වගකීම දරයි.
රියර් අද්මිරාල් හෙන්ලි මහතා මේ වන විට රිඇක්ෂන් එන්ජින් සමාගමේ ව්‍යාපාර සහ කර්මාන්ත උපායමාර්ග උපදේශක ලෙස සේවය කරනු ලබයි. ඔහු අභ්‍යවකාශයට ප්‍රවේශවීමේ විප්ලවීය වෙනසක් ඇති කරන විප්ලවීය ී්ඍඊෑ එන්ජිම වෙළඳපොළට ගෙන ඒමට සංවිධානයට උදව් කරමින් සිටී.
ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක තුමන්, සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්‍ෂකතුමන්, ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂකතුමන් සහ විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්‍ෂකතුමන් මෙම අවස්ථාවට සහභාගී වූහ.පියාසර සහ ඉංජිනේරු වෘත්තීන්හි නියැළෙන නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක්ද මෙම අවස්ථාවට එක්වූහ.