අන්තර් ඒකක පැසිපන්දු තරඟාවළිය 2019
2019 අන්තර් ඒකක පැසිපන්දු තරඟාවළිය 2019 සැප්තැම්බර් මස 12 වන දින ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කොළඹ සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී සාර්ථකව නිමාවට පත්විය.එහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කණ්ඩායම පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.
තරඟාවළියේ පිරිමි සහ කාන්තා අනුශූරතාවය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කණ්ඩායම හා සටන් පුහුණු පාසල දියතලාව කණ්ඩායම විසින් හිමිකර ගන්නා ලදී.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා පැසි පන්දු සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් පී ඩී කේ ටී ජයසිංහ ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරීන් ඇතුළු නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය