කටුනායක ගුවන් හමුදා පෙර පාසල් විවිධ ප්‍රසංගය උත්සවාකාරයෙන් නිමාවට පත්වේ
ගුවන් හමුදා කටුනායක කදවුරේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය  පසුගියදා (29) වර්ණවත් ලෙස නිමාවට පත් විය.

කුඩා කල පටන්ම දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් මෙම පෙර පාසල් දරුවන් වෙනුවෙන් ලබාදෙන අතර, පුරා වසරක් මුළුල්ලේ උගත් දේ ක්‍රියාවට නංවමින් අවසන් අධ්‍යාපනික ප්‍රසංගය, 37 දෙනෙකුගෙන් සමන්විත පෙර පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් නැටුම්, ගැයුම්, වැයුම්, සරබ සහ නාට්‍ය ආදී විවිධ අංගයන් ඉදිරිපත් කරමින් පැමින සිටි පිරිස් අමානන්දයට පත්කිරීමට සමත් විය.

ගුවන් හමුදා සේවා වනිතා එකකයේ ගරු සභාපතිනි නෙළුන් ගුණතිලක මැතිනිය ප්‍රධාන අමුත්තිය ලෙස සහභාගී වූ අතර ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ඩබ්.ඒ. සිල්වා සහ එම මැතිනිය, කටුනායක කදවුරු අණදෙන නිලධාරී ගුවන් කොමදෝරු සී. ආර්. ගුරුසිංහ සහ එම මැතිනිය ඇතුළු නිලධාරින්ද මේ අවස්ථාවට එක්වූහ.






airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි