කොළඹ ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන  විසින් කොළඹ ගුවන් හමුදා කඳවුරේ  අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී එයාර් වයිස් මාෂල් කැමිලස් ලැබ්රෝයි  හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2019 ඔක්තොම්බර් මස 03 වන දින කොළඹ ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

මෙහිදී අණදෙන නිළධාරී භාර ගැනීම් හා භාරදීම් පෙළපාලියෙහි අණදෙන්නා ලෙස ස්කොඩ‍්‍රන් ලීඩර් අෂිර්වාද ද සිල්වා කටයුතුකරන ලදී.

පෙළපාළිය අවසානයේ සියලුම පිරිස් ඇමතූ හිටපු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ කාලය තුළ ඔහුට ලබා දුන් සහයෝගයට සියළුම දෙනා හට සිය ස්තූතිය පුද කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි