
පාකිස්ථාන් මහ කොමසාරිස් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රී ලංකාවේ පාකිස්ථාන් මහ කොමසාරිස් (විශ‍්‍රාමික) මේජර් ජෙනරාල් සෙයිද් ෂකීල් හුසේන් මහතා 2019 ඔක්තෝම්බර් මස 04 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.
දෙපාර්ශවයටම වැදගත් වූ කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවකින් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ මහ කොමසාරිස්තුමන් අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.





