දියතලාව සටන් පුහුණු පාසලේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
එයාර් කොමඩෝර් ඩබ්ලියුඩබ්ලියුපීඩී ප‍්‍රනාන්දුමහතා විසින් දියතලාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධනමහතා හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2019 ඔක්තෝම්බර් මස 08 වන දින දියතලාව ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

මෙම පෙළපාලියට විංග් කමාන්ඩර් ඩීඑස්එම්එල්කේ සුගතදාස විසින් අණදුන් අතර කදවුරු අණදෙන නිළධාරී ධූරයේ යෂ්ටිය භාරදීම මගින් ධූරයේ රාජකාරීන් නිළවශයෙන් භාරදීම සංකේතවත් කරන ලදී.

පෙළපාළිය අවසානයේ සියලුම පිරිස් ඇමතූ හිටපු අණදෙන එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන මහතා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ කාලය තුළ ඔහුට ලබා දුන් සහයෝගයට ස්තූතිය පුද කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි