ගුවන් හමුදා මොටර් රථ ධාවන කමිටුව විසින් මිලියන 2 ක මුදලක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයට පරිත්‍යාග කරයි
2:32pm on Monday 14th October 2019
ගුවන් හමුදා මෝටර් රථ ධාවන සංචිතය විසින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වෙත රුපියල් මිලියන 02 ක මුදල්ක් පරිත්‍යාග කිරීම පසුගියදා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේදී සිදු කෙරිණි. එහිදී ගුවන් හමුදා මෝටර් රථ ධාවන සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් හේමන්ත සොයිසා සහ එහි ලේකම් විංග් කමාන්ඩර් මාලිංග සිල්වා විසින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප්රභාවි ඩයස් මහත්මිය හට මෙම පරිත්‍යාගයන් භාරදෙන ලදී.මෙම මුදල් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතීන් සඳහා යොදා ගැනීමට නියමිත වෙයි.