අන්තර් ඒකක වූෂූ තරඟාවළිය 2019
11:36am on Tuesday 22nd October 2019
2019 අන්තර් ඒකක වූෂූ තරඟාවළිය 2019 ඔක්තෝම්බර් මස 09 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී නිමාවට පත්විය. එහිදී ගුවන් හමුදා හිගුරක්ගොඩ කඳවුර සහ ගුවන් හමුදා කොළඹ කදවුර පිරිමි අංශයේ සම ශූරයන් ලෙසද ගුවන් හමුදා කොළඹ කදවුර කාන්තා ශූරතාවයද දිනා ගන්නා ලදී. එසේම එහි පිරිමි අනුශූරතාවය ගුවන් හමුදා පලාලි කදවුර දිනාගත් අතර ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල කාන්තා අනුශූරතාවයට හිමිකම් කියන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් රුචිර සමරසිංහ මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා වූෂූ සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එස්සීකේ පල්ලෙවෙල නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි