අන්තර් ඒකක පාපැදි ශූරතාවය 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක පාපැදි තරඟාවලිය 2019 ඔක්තොම්බර් මස 17 වන දින  කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වව්නියාව මූලික කදවුරු කණ්ඩායම  කාන්තා හා පිරිමි   ශූරතාවයන් දිනා ගන්නා ලදි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක රෙජිමේන්තු පක්ෂාංගය හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන්ට හිමිකම් කියන ලදී.

ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක සහ ගුවන් හමුදා පාපැදි සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායේ මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර නිළධාරීන් සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි