අන්තර් ඒකක දුනු විදීමේ තරඟාවළිය 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක දුනු විදීමේ තරඟාවළිය පසුගිය 2019 ඔක්තෝම්බර් මස 18 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. එහිදී හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර සහ මඩකලපුව ගුවන් හමුදා කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවය දිනා ගන්නා ලදී.

එහි පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩ‍්‍රෑ විජේසූරිය මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ගුවන් හමුදා දුනු විදීමේ සංචිත සභාපති එයාර් කොමඩෝර් එච්යූ විජේවීර, නිලධාරීන් සෙසු නිළයන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි