ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමග ඒකාබද්ධ අභ්‍යාසයක් 'සිඳුරළ' නෞකාවෙදී පවත්වයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධව ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානයක් භාවිතා කරමින් නාවික හමුදා 'සිඳුරළ' නෞකාව මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් 2019 ඔක්තෝබර් 20 වන දින ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී පවත්වන ලදී.
මෙම හෙලිකොප්ටර් ගොඩබෑටම් අභ්‍යාසය ති‍්‍රකුණාමළය වරායේ අෂ්රොෆ් ජැටියේදී පවත්වන ලදී. ගෲප් කැප්ටන් ආර්ඒඩීටීඑම් වීරරත්න සහ විංග් කමාන්ඩර් චීඩීඑස්එස් ගුනවර්ධන විසින් මෙම මෙහෙයුමෙහි සම්බන්ධිකරණ කටයුතු සිදු කරන ලදී. මුහුදේ ගමන් කරමින් පවතින නෞකාවකට හෙලිකොප්ටරයක් ගොඩබෑම අභියෝගාත්මක කාර්යයක් බැවින් එවන් අවස්ථාවක හෙලිකොප්ටර් යානාවක් සුරෂිතව ගොඩබෑම සහ එම කාර්යයේ කාර්යක්‍ෂමතාවය වැඩිදියුණු කිරීම මෙම අභ්‍යාසයේ මූලික පරමාර්ථය විය.