![](../uploads/news/air_sympo_19_press/8.jpg)
කොළඹ ගුවන් සම්මේලනය 2019 මාධ්‍ය සාකච්ඡාව
11:44am on Friday 1st November 2019
කොළඹ ගුවන් සම්මේලනය 2019, පිළිබඳව දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ මූලිකත්වයෙන් 2019 ඔක්තෝම්බර් මස 22 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.
පසුවෙනි වතාවට පවත්වනු ලබන ගුවන් සම්මන්ත‍්‍රණය ”කුඩා ගුවන් හමුදාව, අනාගත දැක්ම වෙනුවෙන් ඇති ප‍්‍රවේශ මාර්ගය” යන තේමාව යටතේ හමුදා නායකයින් 40කට අධික පිරිසක්, තාක්‍ෂණික විශේෂඥයින්, ගෝලීය ප‍්‍රතිපත්ති ආයතනල ලොව පුරා රටවල් නියෝජනය කරනු ලබන රාජ්‍ය තාන්ත‍්‍රිකයින් අනාගතය විසින් පනවන පොදු අභියෝගයන් විසඳීම සඳහා ඒකාබද්ධ ගෝලීය ගුවන් බලය ගොඩනැගීම වෙනුවෙන් 2019 ඔක්තෝබර් මස 24 සහ 25 යන දිනයන්හිදී රත්මලානල අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඞ් උත්සව ශාලාව වෙත පැමිණෙයි.
මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් මාධ්‍ය අමතමින් කොළඹ ගුවන් සමුළුව ජාතික, කලාපීය සහ ගෝලීය වශයෙන් අනාගතයේ මුහුණු දෙන ගුවන් බලය සම්බන්ධ වූ ගැටළු සහ ආරක්‍ෂක තර්ජන මෙන්ම ස්වභාවික උවදුරු සඳහා ගුවන් බලය යෙදවිය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප‍්‍රමුඛ පෙළේ අන්තර්ජාතික සමුළුවක් බව ප‍්‍රකාශ කරන ලදී.
එසේම තවදුරටත් අදහස් දක්වමින්, කොලඹ ගුවන් සම්මන්ත‍්‍රණයේ පෙර අදියරයන්හි ප‍්‍රථිපල මත ගුවන් හමුදා භාෂණය එළි දැක්වීම සහ අංක 03 බලඝණය නැවත ස්ථාපිථ කිරීම ඇතුළු බෝහෝ වෙනස්කම් රාශියක් සිදුකර ඇති බවද ප‍්‍රකාශ කළේය.
ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ, ගුවන් සමුළුවේ සභාපති සහ චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් උදේනි රාජපක්‍ෂ, වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂක විංග් කමාන්ඩර් ඉජේෂ් චන්ද‍්‍රතිලක, 2019 කොළඹ ගුවන් සමුළුවේ ලේකම් විංග් කමාන්ඩර් ඩීඑම්එස් රංගොඩගේ සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

![Sri Lanka Air Force conducts Press Briefing on the Colombo Air Symposium 2019](../uploads/news/air_sympo_19_press/1.jpg)
![Sri Lanka Air Force conducts Press Briefing on the Colombo Air Symposium 2019](../uploads/news/air_sympo_19_press/2.jpg)
![Sri Lanka Air Force conducts Press Briefing on the Colombo Air Symposium 2019](../uploads/news/air_sympo_19_press/4.jpg)
![Sri Lanka Air Force conducts Press Briefing on the Colombo Air Symposium 2019](../uploads/news/air_sympo_19_press/6.jpg)
![Sri Lanka Air Force conducts Press Briefing on the Colombo Air Symposium 2019](../uploads/news/air_sympo_19_press/7.jpg)
![Sri Lanka Air Force conducts Press Briefing on the Colombo Air Symposium 2019](../uploads/news/air_sympo_19_press/8.jpg)
![Sri Lanka Air Force conducts Press Briefing on the Colombo Air Symposium 2019](../uploads/news/air_sympo_19_press/9.jpg)
![Sri Lanka Air Force conducts Press Briefing on the Colombo Air Symposium 2019](../uploads/news/air_sympo_19_press/10.jpg)
![Sri Lanka Air Force conducts Press Briefing on the Colombo Air Symposium 2019](../uploads/news/air_sympo_19_press/11.jpg)
![Sri Lanka Air Force conducts Press Briefing on the Colombo Air Symposium 2019](../uploads/news/air_sympo_19_press/12.jpg)
![Sri Lanka Air Force conducts Press Briefing on the Colombo Air Symposium 2019](../uploads/news/air_sympo_19_press/13.jpg)
![Sri Lanka Air Force conducts Press Briefing on the Colombo Air Symposium 2019](../uploads/news/air_sympo_19_press/16.jpg)
![Sri Lanka Air Force conducts Press Briefing on the Colombo Air Symposium 2019](../uploads/news/air_sympo_19_press/17.jpg)