ලෝක ආරක්‍ෂක ක‍්‍රීඩා උළෙෙල් රිදී පදක්කම්ලාභී කෝප්‍රල් ලියනාරාච්චි සහ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනට
9:35am on Tuesday 5th November 2019
චීනයේ වුහාන් හි පැවති 7 වන ලෝක හමුදා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ආරක්ෂක සේවා කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය ඔක්තෝබර් 29 වන දින ආපසු දිවයිනට පැමිණියහ.බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ගුවන් හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ  පවුල්වල සාමාජිකයන් විසින් ඔවුන්ව පිළිගනු ලැබීය.

ලෝක හමුදා ක්‍රීඩා උළෙල යනු අන්තර්ජාතික මිලිටරි ක්‍රීඩා කවුන්සිලය විසින් 1995 වසරේ සිට වසර හතරකට වරක් සංවිධානය කරනු ලබන හමුදා ක්‍රීඩකයින් සඳහා වන ක‍්‍රීඩා තරගාවලියකි.මේ වසරේදී 7 වන ලෝක හමුදා ක්‍රීඩා උළෙල සඳහා රටවල් 109 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9574 ක් සහභාගී වූහ.මෙම ක්‍රීඩා සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් 80%ක් එම රටවල් නියෝජනය කරන ජාතික මට්ටමේ ක්‍රීඩක ක‍්‍රීඩිකාවන්ය.

මෙම තරගාවලියේදී මීටර් 800 කාන්තා ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකා කාන්තා මලල ක්‍රීඩිකා කෝප්‍රල් නිමලි ලියනාරාචි තම මව්බිමට කීර්තියක් ගෙන ඒමට සමත් විය.මෙම ඉසව්වේ අවසන් තරඟය සදහා යුක්රේනය ,බහරේනය, බාබඩෝස් ,කෙන්යාව, රුමේනියාව සහ එක්සත් ජනපදය වැනි රටවල ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි