අන්තර් ඒකක බිලියඩ් ශුරතාවය අනුරාධපුර කඳවුරට
අන්තර් ඒකක බිලියඩ් තරගාවළියේ ශුරතාවය දිනා ගැනීමට අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට හැකි විය. පසුගිය දෙසැම්බර් මස 02 සහ 03 යන දෙදින තුල දියතාලාව ගුවන් හමුදා කඳවුරු බිලියඩ් මැදිරිය තුල පැවති මෙම තරගාවළිය වෙනුවෙන් අති දක්ෂ තරගකරුවන් රැසක් සහභාගී විය.

තරගාවළිය බිලියඩ් සහ ස්නූකර් වශයෙන් අංශ දෙකක් යටතේ තරග වැදුනු අතර බිලියඩ් තරග, තනි සහ යුගල වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ තරග වැදුනි. බිලියඩ් තරගාවළියේ ශුරතාවය අනුරාධපුර කඳවුර හිමිකරගත් අතර අනුශූරතාවය, හවුල්ව තරග වැදුනු අම්පාර සහ දියතලාව කඳවුරු දිනාගන්නා ලදී.

තරගාවළියේ ආරාධිත අමුත්තා ලෙස සහභාගීවු සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂක ගුවන් කොමදෝරු බී.එල්.ඩබ්. බාලසුරිය අතින් ජයග්‍රාහකයන් සඳහා කුසලාන සහ සහතිකපත් ප්‍රධානය කරන ලදී.






airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි