වනාන්තර නැවත වගාකරීමේ ව්‍යාපෘතිය
4:08pm on Tuesday 5th November 2019
ශ‍්‍රී ලංකාවේ වන ඝණත්වය වැඩි කිරිමෙහි ලා ක‍්‍රියාත්මක වන ව්‍යාපෘති ගණනාවක් සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ නායකත්වය යටතේ සිය සක‍්‍රීය අනුග‍්‍රහය සපයමින් සිටි. එම මහගු කර්තව්‍යයේ තවත් එක් සුවිශේෂි අවස්ථාවක් ලෙස ශ‍්‍රී ලංකාවේ දෙවන වරට මෙම ගුවනින් බීජ ඉසීමේ ව්‍යාපෘතියට ගුවන් හමුදාවේ දායකත්වය සැපයිම හැදින්විය හැක.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මෙම සුවිශේෂි කාර්යට දායකත්වය සැපයිම තුලින් සිය ස්වකීය අභිමානය වන ගුවන් බලය මගින් තම ප‍්‍රධාන අරමුණ වන ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට අමතරව තම රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් තිරසාර හරිත අනාගතයක් දායාද කිරිම උදෙසා මෙම ව්‍යාපෘතිය සදහා කැපවී සිටියි.

මෙම ව්‍යාපෘතිය ක‍්‍රීයාවට නැන්විම සදහා කටුනායක ගුවන් හමුදා කඳවුරු විධායක කෘෂි ඒකකය, වන සංරක්ෂණ දෙපාර්තෙමින්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා මාර්ස් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම සමග අත්වැල් බැදගන්නා ලදි. ශ‍්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයක් වන වර්ෂ 2030 වන විට හරිත ආවරණය 27% සිට 32% දක්වා වර්ධනය කිරිම මෙමගින් අපේක්ෂා කරන මුලික අරමුණ වේ.

මෙහිදි අමිපාර ලාහුගල ජාතික උද්‍යානයේ අක්කර හැටක පමණ භූමි ප‍්‍රදේශයක් ආවරණය වන පරිදි ගුවනින් බීජ ඉසීම සිදුකරනු ලැබු අතර ඇහැළ, කෝන්, අරලු, සියඹලා සහ ගොඩ කිරල යන ශාක වර්ගයන්ට අයත් බිජ යොදා ගන්නා ලදි. මෙම ව්‍යාපෘතිය මගින් ආසන්න වශයෙන් බීජ 67000 ක් පමණ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ආධාරයෙන් පොළවට ඉසීම සිදුකරනු ලැබීය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි