නව සේවා අභිමානී පදක්කම සහ සේවා පදක්කම පිරිනැමීමේ සංකේතාත්මක නිල උත්සවය අකුරේගොඩ නව යුධ හමුදා මුලස්ථානයේදී
ත්‍රිවිධ හමුදාවල පොලිසීය සහ ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ සිවිල් පුද්ගලයන් විසින් රටේ ආරක්ෂාව සඳහා සිදුකරන සේවය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් පිරිනමන නව සේවා අභිමානී පදක්කම සහ සේවා පදක්කම සංකේතාත්මකව පැලදීමේ නිල උත්සවය නොවැම්බර් 08 අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අකුරේගොඩ නව යුධ හමුදා මුලස්ථානයේදී පැවැත්විය.

ඒ අනුවල මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාව නියොජනය කරමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ඇතුළු ගුවන් හමුදා නිළධාරීන් හා සිසු නිළයින් පිරිසක් සහභාගි වු අතර ඔවුන් හට සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් පදක්කම් පැළදවීම සිදුකරන ලදී.

තවද, මේ අවස්ථාව සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන, ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කොට්ටේගොඩ, ත්‍රිවිධ හමුදාපති වරුන්, වැඩබලන පොලිස්පති සහ ත්‍රිවිධ හමුදා සේවා පුද්ගලයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි