ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර සිය 35 වැනි සංවත්සරය සමරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර සිය 35 වන සංවතසරය 2019 නොවැම්බර් මස 08 වන දින සමරන ලදි. සංවත්සර දිනය ආරම්භ කරමින් අණදෙන නිළධාරී තුමන් විසින් උදෑසන පෙළපාලිය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලියක් සංවිධානය කරන ලදි. අනතුරුව සියළු සේවා පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් දිවා ආහාරය ලබාගැනීමෙන් පසු සංවත්සර දිනය නිමා විය.

සංවත්සර සැමරුමට සමගාමීව කදවුර මගින් ප්‍රජා සේවා වැඩසටහන් කිහිපයකම නිරත විය.එතන මඩල වැඩිහිටි නිවාසයේ සම්පූර්ණ විදුලි ප්‍රතිසංස්කරණය සහ අගුරුවාතොට පන්සලට පිවිසීමේ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම කැපී පෙනේ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි