රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහල සිය 10 වන සංවත්සරය සමරයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහලේ දහවන සංවත්සරය පසුගිය නොවැම්බර් මස 11 වන දින සමරන ලදී.සංවත්සර දිනය ආරම්භ කරමින්  සංවත්සර වැඩ පෙළපාලිය උදෑසන රෝහල් අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ටීඑස්එස් අල්විස් නිළධාරීතුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

සංවත්සරය වෙනුවෙන් 2019 නොවැම්බර් 6 වන දින ජාතික පිළිකා හඳුනාගැනීමේ මධ්‍යස්ථානය ,සෞඛ්‍ය අමාත්‍යංශයේ  දෙහිවල කාර්යාලෙය් එච්අයිවී  ඒඩ්ස් මර්දන අංශය සහ කලුබෝවිල කොළඹ දකුණු ශික්ෂණ රෝහලේ සහභාගීත්වයෙන් සුවනාරි කාන්තා සායනයක් සංවිධානය කරන ලදී.ශ්‍රී ලාංකික කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා වල පූර්ව අනතුරු හඳුනා ගැනීම සඳහාත් කාන්තාවන්ට සහ සේවය කරන පවුල්වලට සේවය කිරීමේදී නාරිවේද සෞඛ්‍ය ප්‍රමිතීන් නංවාලීම සඳහාත් මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.සායනය සඳහා 150 ක් දෙනෙකු පමණ සහභාගී වූ අතර එ් අතර රෝගීන් 38 දෙනෙකු හඳුනාගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කරන ලදී. ළමා රැකවරණය ,ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග, එච්අය්වී එන්නත, ගැටිති හඳුනා ගැනීම සඳහා ස්වයං පියයුරු පරීක්‍ෂා කිරීම, පෝෂණය පවුල් සබඳතාවල මානසික ගැටලු පිළිබඳව සහභාගී වූ පිරිසට වටිනා දේශන පැවැත්විණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එල්ආර් ජයවීර මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.මෙම අවශ්ථාවට රත්මලාන මූලික කදමුරේ අණදෙන නිළධාරි එයාර් කොමඩෝර් ආර්එස් වික්‍රමරත්න, රෝහල් අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ටීඑස්එස් අල්විස් ,ජාතික පිළිකා හඳුනාගැනීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, එච්අයිවී ඒඩ්ස් පාලන වැඩසටහෙන් අධ්‍යක්ෂ, දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සිසිර කොස්තා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ධම්මික සිල්වා,කොළඹ දකුණ කළුබෝවිල ශික්ෂණ රෝහලේ  ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රුවන්ති පෙරේරා යන වෛද්‍ය වරුන් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි