ගුවන් හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හමුවෙයි
 ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් අභිනව සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අද (2019 නොවැම්බර් 19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය.

මෙම හමුව අතිගරු ජනාධිපතිතුමා වැඩ භාර ගැනීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමා හමු වූ පළමු නිල හමුව ලෙස සනිටුහන් විය. පළමුව ගුවන් හමුදාධිපතිතුමා විසින් අභිනව ජනාධිපතිතුමන් වෙත සිය සුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් සුමංගල ඩයස් විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි