ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 04 වන හෙලිකොප්ටර් බලඝණය මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ දි ප‍්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් ක‍්‍රියාත්මක කරයි
මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකරීන්හි නියුතු ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 04 වන හෙලිකොප්ටර් බලඝණය සුවිශේෂි ප‍්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් පසුගිය දා ක‍්‍රියාත්මක කරන ලදී.

මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ බි‍්‍රයා නගරය අවට ගම්මාන කිහිපයක වැසියන් හට තම දුක්බර ජීවන ගමනට සහනයක් වන්නටත් යුධ වාතාවරණයට මැදිවූ කුඩා දරු දැරියන්ගේ ළමා මනසට අස්වැසිල්ලක් වෙමින් සුන්දර ළමා මතකයන් රැසක් ඔවුන්ගේ මනසෙහි තැන්පත් කරන්නටත් මෙම වැඩසටහන් මාලාව ක‍්‍රියාත්මක කිරීම තුළින් හැකිවිය.

 ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය මගින් ළමා ඇඳුම් සහ පාසැල් 03 ක දරුවන් උදෙසා පාපන්දු ප‍්‍රධානයක්ද මෙහිදී සිදුකරන ලදී.
 
මෙම සියළුම වැඩසටහන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණිය සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ නැගෙනහිර බලප‍්‍රදේශයේ හමුදා - සිවිල් සහයෝගීතා නිලධාරී ගේ උපදේශනය යටතේ සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි