හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර සිය 41 වන සංවත්සරය සමරයි
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර සිය 41 වන සංවත්සරය කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එන් එච් ඩී එන් ඩයස් මහතාගේ මගපෙන්වීම යටතේ 2019 නොවැම්බර් මස 23 වන දින සමරණ ලදී.

සංවත්සර දින සැමරුමට සමගාමීව 2019 නොවැම්බර් මස 19 වන දින ජාතික ලේ බැංකුව හා එක්ව ලේ දන් දීමේ වැඩසටහනක් කදවුරු පරිශ‍්‍රයේදී පවත්වන ලදී.

මීට අමතරව කදවුරේ සියළුම දෙනාට ආශිර්වාදය පතා නොවැම්බර් මස 20 දින "මින්නේරිය දේවාලය" මූලික කරගනිමින් ආගමික වැඩසටහනක් පැවැත්වූ අතර නොවැම්බර් 21 දින හිගුරක්ගොඩ බෞද්ධ මධ්‍යස්ථානය මූලික කරගනිමින් ''බෝධිපූජා'' වැඩසටහනක් හා ''ඔසු පැන්'' දන්සැලක් ද  පවත්වන ලදී.

තවද 2019 නොවැම්බර් මස 22 වන දින කදවුරු පරිශ‍්‍රයේදී රුක්රෝපන වැඩසටහනක්  පවත්වන ලදී. සංවත්සර දින සියළු නිළයන්ගේ සහභාගීත්වයෙන් ක‍්‍රිකට් තරඟාවළියක් සහ දැල්පන්දු තරඟාවළියක්ද පවත්වන ලද අතර සියළු නිළයන්ගේ දිවා භෝජන සංග‍්‍රහයකින් වැඩසටහන් මාලාව අවසන් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි