අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය සිය 24 වන සංවත්සරය සමරයි
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පිහිටි අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය සිය 24 වන සංවත්සරය 2019 නොවැම්බර් මස 22 වන දින සමරන ලදී.

සංවත්සර දින වැඩසටහන් මාලාව ආරම්භ කරමින් සංවත්සර දින පෙළපාලිය බලඝණ පරිශ‍්‍රයේදී සිදුකරනු ලැබූ අතර එය අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩී එල් හේවවිතාරණ ගේ පරීක්ෂාවට ලක්විය. අංක 09 හෙලිකොප්ටර් බලඝණයන්හි මියගිය රණවිරුවන් අනුස්මරණය කරමින් එම්අයි 24 ස්මාකයට පුෂ්පෝපහාර දැක්වූ අතර එල්ලේ තරඟාවළියක් හා උදෑසන ආහාරයද එදින සංවිධානය කර තිබුණි.

මීට අමතරව ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබූ අතර නොවැම්බර් 07 දින හිගුරක්ගොඩ අල් ජුම්මා මුස්ලිම් පල්ලියේ ද නොවැම්බර් 08 දින හිගුරක්ගොඩ කතෝලික දේවස්ථානයේ ද එදින සවස කඳවුරු පරිශ‍්‍රයේ දී පිරිත් දේශනා වැඩසටහනක් ද පසුදින සංගරත්නය උදෙසා දානමය පිංකමක් ද සංවිධානය කරන ලදී. තවද නොවැම්බර් මස 21 දින මැදිරිගිරිය රෝහලේ අසරණ රෝගීන් 45 දෙනෙකු සදහා වියලි ආහාර බෙදාදීමක් ද මේහා සමගාමීව සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි