ළමයින් වෙනුවෙන් "ළමා සාදයක්" පාලවි කඳවුර සංවිධානය කරන කරයි
පාලවි කඳවුරේ සේවය කරන සේවා පුද්ගලයින්ගේ සහ සිවිල් පුද්ගලයින්ගේ දරුවන් වෙනුවෙන් "ළමා සාදයක්" පසුගිය 06 දින පාලවි කඳවුරේදී සංවිධානය කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් රංජිත් හේමචන්ද්‍ර ගේ ප්‍රධානත්වයෙන් 100කට අධික දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු නැදැ හිතවතුන් ගේ සහභාගීත්වයෙන් ළමා සාදය උත්සවාකාරයෙන් හැඩ විය.

දරුවන්ගේ විනෝදාස්වාදය පතා නොයෙකුත් අංගයන් ළමා සාදය වෙනුවෙන් එක් කර තිබූ අතර ගුවන් හමුදා ඊගල් සංගීත කණ්ඩායමේ සංගීතයෙන් සාදය සංගීතවත් විය.







airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි