
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සුපශාස්ත‍්‍ර පිළිබඳ වැඩසටහනක්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මියගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කල සුපශාස්ත‍්‍ර පිළිබඳ වැඩසටහනක් පසුගිය දෙසැම්බර් මස 03 දින කටුනායක ඊගල්ස් ලැගූන් විව් උත්සව ශාලාවේදී පවත්වන ලදී. මේ සඳහා ගුවන් හමුදා සුප වේදීන් ගුවන් හමුදා නිළධාරිනියන් ගුවන් කාන්තාවන් මෙන්ම සේවා පුද්ගලයින්ගේ බිරින්දෑවරුන් ඇතුළු 150 ක පිරිසක් සහභාගී විය. මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ වත්තල ෆගසස් රීෆ් හෝටලෙය් ප‍්‍රධාන සූපවේදී නලින්ද අබේරත්න මහතා විසිනි.
















