2019 වසරේ ගුවන් හමුදා පෙර පාසැල් ගුරුවරියන් වෙනුවෙන් පවත්වනු ලබන වැඩමුළුව
ගුවන් හමුදා පෙර පාසැල් ගුරුවරියන් වෙනුවෙන් පවත්වන ලබන 2019 වසරේ වැඩමුළු මාලාවේ පස්වන වැඩමුළුව 2019 දෙසැම්බර් මස 03 වන දින ගුවන් හමුදා මූලස්ථාන පැරණි ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී. ශ්රී ලංකා ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්‍ෂකය සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය එක්ව මෙම වැඩමුළුව සංවිධානය කරන ලදී.
පෙර පාසැල් ඉගැන්වීම් තාක්‍ෂණික උපදේශිකා වයලට් සිරිවර්ධන මහත්මිය විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලද අතර ගුවන් හමුදා පෙර පාසැල් ගුරු මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙහිදී දේශන සහ සාකච්ඡා මගින් පෙර පාසල් ළමුන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සහ ඉගැන්වීම සහ ඵලදායි අධ්‍යයන ප‍්‍රතිඵලයන් සඳහා ක‍්‍රියාකාරකම් ක‍්‍රීඩා සහ කණ්ඩායම් වැඩමුළු ඔවුන්ගේ පංති කාමරය තුළ ඉගැන්වීමට ගුරුවරුන්ට හැකි ආකාරය පිළිබද නිදර්ශන මගින් ඉදිරිපත් කරන ලදී. එසේම නවීන ඉගැන්වීම් ක‍්‍රම සහ තෝරාගත් විවිධ ක‍්‍රියාකාරකම් සඳහා ගුරු මහත්මීන් සහභාගී විය. මෙහිදී ඉදිරියට පැවැත්වීමට නියමිත වාර්ශික විවිධ ප‍්‍රසංගය සඳහාද තාක්‍ෂණික උපදේශිකා වයලට් සිරිවර්ධන මහත්මිය විසින් අදහස් ලබාදෙන ලදී.