ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කඳවුර විද්‍යාවේ දියුණුව සඳහා වන ශ්‍රී ලංකා සංගමය මගින් පිරිනමන පරිසර සම්මානය දිනාගනී
විද්‍යාවේ දියුණුව සඳහා වන ශ්‍රී ලංකා සංගමය මගින් පවත්වනු ලැබූ 75 වන වාර්ශික සැසිය පසුගිය දෙසැම්බර් මස 08 වන දින කොළඹ විශ්ව විද්‍යාලයේදී පැවති අතර එහිදී රාජ්‍ය ආයතන සඳහා වන පරිසරය තිරසාර ලෙස කළමණාකරනය සඳහා වන සම්මානය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය කඳවුර විසින් හිමිකර ගන්නා ලදී.
පරිසර හිතකාමී ආකල්ප ප්‍රදර්ශනය කිරීම හා අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් පාරිසරික ආරක්ෂණ පියවරයන් සඳහා යොමුවීම යන කරුනු ප‍්‍රවර්ධනයට ප්‍රයත්න දැරූ සංවිධාන හා ආයතන හඳුනා ගැනීමේ අරමුණින් පරිසර කමිටු සම්මාන උළෙල සංවිධානය කරනු ලැබේ. පරිසර ආරක්ෂණ ප්‍රතිපත්තිය ස්ථාපිත කිරීමෙන් පසු පළමු වරට චීන වරාය කඳවුර මෙම සම්මානය හිමිකර ගැනීමට සමත් විය.
ශ්රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කඳවුර නියෝජනය කරමින් විද්‍යාපීඨ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ආර් ඒ යූ පී රාජපක්ෂ විසින් මෙම සමිමානය ප‍්‍රධාන ආරාධිත අමුත්තා වෙතින් ලබාගන්නා ලදී. මෙම අවස්ථාව සඳහා විධායක තත්ව පාලන නිළධාරී එයාර් කොමඩෝර් එල් එම් එස් කේ ලීලාරත්න මාණ්ඩලික නිලධාරී විංග් කමාන්ඩර් එම් ජේ අයි විජේනාත් කඳවුරු සේවා අණදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් ආර් ඩී ඩබ්ලිව් ජයසූරිය යන මහත්වරුන් මෙම අවස්ථාවට එක් විය.