ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලේ භටයින් විසින් නායයාම නිසා වැසුණු දුම්රිය මාර්ගය පිලිසකර කරයි
නායයාම නිසා වැසුණු ඇල්ලේතොට ප‍්‍රදේශයේ දුම්රිය මාර්ගය පිරිසිදු කොට පිලිසකර කිරීම සඳහා දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලෙන් ගුවන් හමුදා භට කණ්ඩායමක් එම ප‍්‍රදේශය වෙත පිටත්කර හරින ලදී. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම ප‍්‍රදේශයට පිටත් කරන හරින ලද දසදෙනෙකුගෙන් සමන්විත වූ මෙම කණ්ඩායමේ ප‍්‍රධානියා වශයෙන් ෆ්ලයින් ඔෆිසර් කහල්ල කටයුතු කරන ලදී. ඉතා කෙටි කාලයකින් පිරිසිදු කිරීමේ කටයුතු සිදුකර නැවත දුම්රිය ගමනාගමනයට මාර්ගය සකසා දීම සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි