භෝජනාගාර සහායක දැනුම අලුත් කිරීමේ පාඨමාලාව නිමාවෙයි
සීගිරිය ගුවන් හමුදා කඳවුරේ පිහිටි සත්කාරක කළමනාකරණ පාසල මගින් පවත්වන ලද භෝජනාගාර සහායකයන්ගේ දැනුම අලුත් කිරීමේ පාඨමාලාව 2019 දෙසැම්බර් මස 16 සිට 24 වෙනිදා දක්වා පැවැත්විණි. මෙම පාඨමාලාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පුහුණු අධ්‍යක්‍ෂක තුමන්ගේ සහ සැපයුම් අධ්‍යක්‍ෂකතුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පැවැත්විණි. විවිධ ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් භෝජනාගාර සහායකයින් 10 දෙනෙකු පාඨමාලාව සඳහා සහභාගී වූහ.
පාඨමාලාව අතරතුර පුහුණුවන්නන් ශ‍්‍රී ලාංකීය සහ ජාත්‍යන්තර උදෑසන ආහාර සැකසීම, ඉන්දියානු ආහාර, උත්සව ආහාර සහ කෙටි ආහාර ඇතුළු විවිධ වර්ගයේ ආහාර වට්ටෝරු සකස් කිරීමේ ප්‍රායෝගික සැසි සඳහා සහභාගී වූහ. අවට ප්‍රමුඛ පෙළේ හෝටල්වල සේවය කරන විශේෂඥයින්ගේ දායකත්වය ලබාගැනීම පුහුණුවන්නන්ගේ ප්‍රායෝගික කුසලතා ඉහළ නැංවීමට දායක විය.