ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම නොකඩවා පස්වන වරටත් ජාතික වොලිබෝල් ශූරතාව දිනා ගනී
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම නොකඩවා පස්වන වරටත් ජාතික වොලිබෝල් ශූරතාවය දිනාගැනීමට පසුගියදා සමත්විය. ජාතික වොලිබෝල් තරඟාවළිය පසුගිය 2019 දෙසැම්බර් මස 28 වනදා නිමාවට පත්වූ අතර අවසන් තරඟයේදී නාවික හමුදා කණ්ඩයම තරඟ වට 3-0 ක් ලෙස පරාජය කරමින් ශූරතාවය දිනා ගන්නා ලදී. ශ‍්‍රී ලංකා වොලිබෝල් සංචිතයේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

නායක ගුවන් කාන්තා ජයතුංග විසින් මෙවර ගුවන් හමුදා කණ්ඩායමේ නායකත්වය දරණ ලද අතර ඇය ශ‍්‍රී ලංකා ජාතික වොලිබොල් සංචිතයේ නායිකාවද වෙයි.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි