
ගුවන් හමුදා පර්යේෂණ හා සංවර්ධන පක්ෂාංගය මගින් ආගමික වැඩසටහනක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කදවුරෙහි ස්ථාපිත කර ඇති පර්යේෂණ හා සංවර්ධන පක්ෂාංගය මගින් සංවිධානය කිරීමට යෙදුනු පිරිත් පිංකම හා දානමය වැඩසටහනක් පසුගිය ජනවාරි මස 14 හා 15 යන දෙදිනපුරා ගෲප් කැප්ටන් එස් ඩබ්ලිව් පී සී බෝධිසීල මහතාගේ මූලිකත්වයෙන් සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා කටුනායක මූලික කදවුරෙහි අණදෙන නිළධාරී එච් එස් එස් තුයියකොන්තා මහතා ඇතුළු පක්ෂාංග අණදෙන නිළධාරීන්, නිළධාරීන් හා සිසු නිළයින් පිරිසක් සහභාගීවිය.
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා කටුනායක මූලික කදවුරෙහි අණදෙන නිළධාරී එච් එස් එස් තුයියකොන්තා මහතා ඇතුළු පක්ෂාංග අණදෙන නිළධාරීන්, නිළධාරීන් හා සිසු නිළයින් පිරිසක් සහභාගීවිය.