ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිාපති තුමන් මොරවැව ගුවන් හමුදා කඳවුරේ සංචාරයක
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා පසුගිය ජනවාරි මස 16 වන දින ගුවන් හමුදා මොරවැව කඳවුරේ සංචාරයක නිරතවිය. එතුමන් මෙම හදිසි සංචාරයේ නිරත වූයේ චීනවරාය විද්‍යාපීඨයේ පැවැත්වෙන කැඩෙට් නිළධාරීන් අධිකාරියට පත්කිරිමේ පෙළපාලිය නිරීක්ෂනය කිරීමට පැමිණි අවස්ථාවේය. එහිදී කඳවුර මගින් ක‍්‍රියාත්මක කරනු ලබන ජල අමුණු ව්‍යාපෘතිය හා අනෙකුත් කෘෂිකාර්මික ව්‍යාපෘතින් ද එතුමන්ගේ නිරීක්ෂනයට ලක්වූ අතර කඳවුරු පරිශ‍්‍රයේ "ටී ජේ සී''  වර්ගයේ අඹ පැලයක් රෝපණය කිරීමද සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි