අංක 33 භූමිගත ගුවන් ආරක්ෂක පක්ෂාංගය සිය 09 වන සංවත්සරය සමරයි
අංක 33 භූමිගත ගුවන් ආරක්ෂක පක්ෂාංගය සිය 09 වන සංවත්සරය පසුගිය ජනවාරි මස 17 වන දින අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ආර් ඒ වයි ඩී රණතුංග ගේ මග පෙන්වීම යටතේ සමරනු ලැබීය.

සැමරුමි උත්සවයට සමගාමීව ජනවාරි 15 දින මිහින්තලේ,  කම්මලක්කුලම ප‍්‍රාථමික පාසලේ සිසු දරු දැරියන් 24 ක් උදෙසා පාවන් ප‍්‍රධානය කිරීමක් සිදුකරන ලද අතර අනතුරුව එම විදුහලේ ශ‍්‍රමදාන වැඩසටහනක් ද සංවිධානය කරන ලදී. තවද අළුතින් ඉදිකරනු ලැබූ මිසයිල ප‍්‍රහාරක සෙබළුන් දෙදනෙකුගේ අනුරුවක් ද  පක්ෂාංගය ඉදිරියේ විවෘත කරන ලදී. මෙම අවසිථාව සඳහා අංක 33 භූමිගත ගුවන් ආරක්ෂක පක්ෂාංගයේ නිළධාරීන් ඇතුළු සිසු නිළයන් පිරිසක් ද සහභාගී විය. 


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි