![](../uploads/news/ban_open_address_01_2020/2.jpg)
බංගලාදේශ ගුවන් හමුදා සේවා පුද්ගලයින් සදහා ගුවන් ධාවන පථ හා කඳවුරු ආරක්‍ෂක ප්‍රවීනතා 08 වන පාඨමාලව දියතලාවේදී ඇරඹේ
3:19pm on Friday 24th January 2020
බංගලාදේශ ගුවන් හමුදා නිළධාරීන් සහ ගුවන් භටයින් සඳහා පවත්වනු ලබන ගුවන් ධාවන පථ හා කඳවුරු ආරක්‍ෂක ප්‍රවීනතා පාඨමාලාෙව් 08 වන පාඨමාලව පසුගිය ජනවාරි මස මස 23 වන දින දියතලාව සටන් පුහුණු පාසලේදී ආරම්භ විය. මෙම පාඨමාලාව සඳහා බංගලාදේශ ගුවන් හමුදාවේ ෆ්ලයිට් ලෙෆ්ටිනන් නිළයේ හා ෆ්ලයින් ඔපිසර් නිළයේ නිළධාරීන් 04 ක් හා කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 06 දෙනෙකුත් සහභාගී වූහ. පාඨමාලාව ජනවාරි මස 22 වන දින සිට මාර්තු මස 26 වන දින දක්වා පවත්වනු ලැබේ.
මෙහිදී දියතලාව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් චමින්ද වික‍්‍රමරත්න විසින් පාඨමාලා ආරම්භක දේශනය මෙහෙයවනු ලැබීය.
![No 8 Airfield and Base Defence Proficiency Course for Bangladeshi Air Force Personnel Commence at Diyatalawa](../uploads/news/ban_open_address_01_2020/1.jpg)
![No 8 Airfield and Base Defence Proficiency Course for Bangladeshi Air Force Personnel Commence at Diyatalawa](../uploads/news/ban_open_address_01_2020/2.jpg)
![No 8 Airfield and Base Defence Proficiency Course for Bangladeshi Air Force Personnel Commence at Diyatalawa](../uploads/news/ban_open_address_01_2020/3.jpg)